09th May 2024 17:45:50 Hours
7 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් ‘අත හිත - 2024’ වැඩසටහනේ කොටසක් වශයෙන් 2024 මැයි මස 04 දින කැකිරාව, මැදගම ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
ප්‍රසාද් ලොකුබාලසූරිය මහතාගේ සම්බන්ධීකරණය මත චින්තක අබේසේකර මහතා, තේජා කපුරුගේ මහත්මිය සහ සංඛ ජයමාල් කරුණාරත්න මහතා විසින් මෙම වැඩසටහන සඳහා අවශ්‍ය මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදුන්හ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ සුරතින් කැකිරාව, මැදගම ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කෙරිණි. මෙම උත්සවය වර්ණවත් කරමින් එම විද්‍යාලයීය සිසු සිසුවියන් නර්තන සහ නාට්‍ය අංගයන් ද පැවැත්වීය.
මෙම අවස්ථාව සඳහා 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පිඑස්සී, නිලධාරීන්, සෙසුනිලයන් සහ දෙමාපියන් පිරිසක් ද සහභාගී වූහ.