08th May 2024 05:41:30 Hours
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් තිස්සමහාරාම, රන්මිණිතැන්න කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 120 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ සුභසාධන වැඩසටහනක් 2024 මැයි 02 දින සංවිධානය කරන ලදී.
අනතුරුව, පසු දින එම සේනාංකයේ භටපිරිස් විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ගේ උපදෙස් මත අභයපුර, සුරනිමල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 60 දෙනෙකු සඳහා පාසල් පාවහන් ලබාදීමේ තවත් වැඩසටහනක් සංවිධානය කරන ලදී.
හොංකොං හි පදිංචි ගරු ඔස්මන් ද අල්විස් පියතුමාගේ ප්‍රධානත්වයෙන් සහ දානපතියන් පිරිසකගේ අනුග්‍රාහකත්වයෙන් මෙම වැඩසටහන් සිදුකරනු ලැබීය.
උත්සව අවස්ථාවන් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සමඟින් ගරු ඔස්මන් ද අල්විස් පියතුමා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර, එම අවස්ථාවන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, අනුග්‍රාහකයින්, ගුරුභවතුන් සහ දෙමාපියන් ද එක්ව සිටියහ.