Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th May 2024 18:46:32 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මුලිකත්වයෙන් ශාන්ත තෝමස් විද්‍යාලයේ ශිෂ්‍යභටයින් සඳහා වැඩමුළුවක්

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත කහගොල්ල බලඇණි පුහුණු පාසලේ භටපිරිස් විසින් බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ශිෂ්‍යභටයින් සඳහා 2024 මැයි මස 04 දින තෙදිනක වැඩමුළුවක් ආරම්භ කරනු ලැබීය.

මෙම වැඩමුළුවේ මූලික අරමුණ වූයේ ශිෂ්‍යභටයින්ගේ යුද්ධෝපාය ක්‍රම පිළිබඳ අවබෝධය, සිතියම් කියවීම, නායකත්ව හැකියාවන් පිළිබඳ දැනුම වර්ධනය කිරීමයි.