Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th May 2024 16:48:40 Hours

21 පාබල සේනාංකය ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ සිසුන් සඳහා පෞරුෂ සංවර්ධන වැඩමුළුවක් පවත්වයි

21 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 වර්ෂය සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියට (NAITA) නවතමයෙන් එක් වූ සිසුන් දිරිගැන්වීමේ අරමුණින් දින පහක පෞරුෂ සංවර්ධන වැඩමුළුවක් පවත්වන ලදී.

එම ආයතනයේ නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්ගේ ගේ උපදෙස් මත මෙම පාඨමාලාව සංවිධානය කරන ලදී.

212 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.එම්.සී රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය යටතේ පවත්වන ලදී. මෙම වැඩමුළුවේදී නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් දේශන සහ නිදර්ශණයන් පවත්වනු ලැබීය.