Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th May 2024 16:32:23 Hours

දියතලාව මධ්‍ය මහා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස්හි සහාය

දියතලාව මධ්‍ය මහා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස්හි සහය ඇතිව මැයි මස 02 වන දින සාර්ථකව පවත්වන ලදී.

දියතලාව, මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ගේ උපදෙස් මත යුද්ධ හමුදා භට පිරිස් මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දුන්හ.

මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම නියෝජනය කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික සහභාගී වූහ.