05th May 2024 09:42:26 Hours
මාතලේ විජය විද්‍යාලයීය වාර්ෂික ක්‍රීඩා උළෙල බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේදී පසුගිය සිකුරාදා (මැයි මස 03) දින අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විජය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
උත්සව අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් විජය විද්‍යාලයේ විදුහල්පති රාජිත තීක්‍ෂණ මහතා සහ ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව අපරදිග තූර්ය වාදක කණ්ඩායම විසින් එතුමන් ප්‍රධාන පීඨිකාව වෙත කැඳවාගෙන එනු ලැබීය.
වාර්ෂික ක්‍රීඩා උළෙල සඳහා මළල ක්‍රීඩා ඉසව් ගණනාවක් ඇතුළත් වූ අතර, තූර්ය වාදක සංදර්ශනය මෙම උත්සවය වඩාත් වර්ණවත් කළේය. උත්සවය අතරතුරදී විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ උප සභාපති බ්‍රිගේඩියර් එස්.එම්.ඩබ්ලිව්.බී.එන්. තලගහවත්ත ඒටීඕ (විශ්‍රාමික) විසින් අලුතින් නිර්මාණය කරන ලද විද්‍යාලයීය මෝටර් රථ ලාංඡනය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රදානය කරන ලදී.
ක්‍රීඩා උළලේදී පාසල් සිසුන්ගේ අලංකාරවත් සරඹ පෙළපාලියක් මඟින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ගෞරවාචාර පුදකරන ලදී. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් රැස්ව සිටි පිරිස අමතා, තම පාසල් දිවියේ අතීත මතකයන් සිහිපත් කරමින්, අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගෙන යන අතරතුරම ක්‍රීඩාවන් සහ විෂය බාහිර ක්‍රියාකාරකම්ද උසස් අයුරින් පවත්වාගෙන යාමට සිසුන් දිරිමත් කළේය.
සමාප්ති උත්සවයේදී යුද්ධ හමුදාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් ආරාධිතයින් එක්ව වාර්ෂික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය කරනු ලැබීය.
ක්‍රීඩා උළෙල අවසන් වූ පසු යුද්ධ හමුදාධිපතිතුමන් පාසල වෙත පැමිණ සංගීත භාණ්ඩ තොගයක් විද්‍යාලයීය බටහිර තූර්ය වාදක කණ්ඩායම වෙත භාරදෙනු ලැබීය.
විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන හිටපු තානාපතිවරයෙකු වන ඩී.එම්.එම් රණරාජා මහතා, ආදි ශිෂ්‍යයෙකු වන ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම්.බී.බී.එන් හේරත් ආර්එස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින්, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.