Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd May 2024 12:50:52 Hours

12 ගජබා රෙජිමේන්තුවේ බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

12 ගජබා රෙජිමේන්තුවේ බලඇණි පුහුණු පාඨමාලාව 2024 පෙබරවාරි මස 14 සිට අප්‍රේල් මස 03 දින දක්වා කාලය තුළ නිලධාරීන් 9 දෙනෙකු සහ සෙසුනිලයන් 284 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි.

සමාප්ති උත්සවය සඳහා සහභාගී වූ 122 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එච්.එම්.යූ.බී කොලොන්ගහපිටිය යූඑස්පී සමාප්ති දේශනය සිදුකරමින් පුහුණුවේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළ අතර, රාජකාරි සඳහා භටපිරිස් සූදානම් කිරීමේ කාර්යභාරය පිළිබඳව අවධාරණය කළේය.

පාඨමාලාවේ විශිෂ්ඨ දක්‍ෂතා දක්වා ත්‍යාග ප්‍රධානෝත්සවයේදී ඇගයීමට ලක්වූ යුද්ධ හමුදා සාමාජිකයින් පහතින් දැක්වේ:

• සෑම අතින්ම අතිශූර සිසුවා: මේජර් කේ.එන්.ටී.එල්. දේශප්‍රිය

• දක්‍ෂතම වෙඩික්කරු: මේජර් ජී.ඩී.අයි. මෛත්‍රීපාල

• හොඳම ශාරීරික යෝග්‍යතාවය හෙබි සෙබලා: ලාන්ස් කෝප්‍රල් ඩී.එම්.එල්. අෂාන්

• දක්‍ෂතම කණ්ඩායම: ‘ඒ’ කණ්ඩායම

• සමස්ථ ප්‍රතිශතය: 70.6%