Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2024 18:14:22 Hours

බදුල්ල ප්‍රදේශයේ ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්වල නේවාසික දරුවන් වෙනුවෙන් ත්‍යාග පාර්සල් පිරිනැමේ

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් බදුල්ල ප්‍රදේශයේ ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හී නේවාසික ළමුන් වෙනුවෙන් ත්‍යාග පාර්සල් 1540 ක් බෙදාදීමේ වැඩසටහනක් 2024 අප්‍රේල් මස 13 දින ක්‍රියාත්මක කරනු ලැබීය.

සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රාහකත්වය හා 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 2 ශ්‍රී ලංකා රයිෆල් බලකාය සහ 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්වල දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.