Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2024 18:23:05 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ දී සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම් උත්සවයක්

සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාව වෙතින් සංවිධානය කළ අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් එම බලකා රගර් පිටියේදී 2024 අප්‍රේල් මස 27 දින පැවැත්වීය. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ නිලධාරීන්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී වූහ.

අනතුරුව, උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ සහ එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය විසින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වූහ.

බනිස් කෑම, කොට්ට පොර, රබන් වැයීම, අලියාට ඇස තැබීම, කඹ ඇදීම, අවුරුදු කුමරා සහ කුමරිය තේරීම සහ විකට ඇඳුම් තරඟය ඇතුළු ජන ක්‍රීඩාවන්ගෙන් මෙම අලුත් අවුරුදු සැමරුම් උත්සවය වර්ණවත් විය.

අලුත් අවුරුදු සැමරුම් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති සහ එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ගේ සුරතින් ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කරනු ලැබූහ.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ භාර්යාවන් සහ දුවා දරුවන් ද සහභාගී වූහ.