Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2024 18:21:05 Hours

සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම් උත්සවයක්

සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් 2024 අප්‍රේල් මස 26 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වූ අතර ඒ සඳහා සන්නද්ධ බුද්ධි බලකායේ නිලධාරීන්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගී වූහ.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින්, සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ සුරතින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීය.

මෙම අලුත් අවුරුදු සැමරුම් උත්සවය බනිස් කෑම, කොට්ට පොර, රබන් වැයීම, අලියට ඇස තැබීම, කඹ ඇදීම සහ විකට ඇඳුම් තරඟය ඇතුළු තවත් සාම්ප්‍රදායික ජන ක්‍රීඩා ගණනාවකින් සමන්විත විය.

අලුත් අවුරුදු සැමරුම් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපතිතුමන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ගේ සුරතින් ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කරනු ලැබූහ.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ භාර්යාවන් සහ දුවා දරුවන් ද සහභාගී වූහ.