Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2024 18:30:20 Hours

අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය නිල සංචාරයක

අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික (වැඩබලන) හා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ඒ.කේ. රාජපක්‍ෂ ආර්එස්පී 2024 අප්‍රේල් මස 29 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය නිල සංචාරයක නිරතවූහ.

ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සි විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, එම ආරක්‍ෂක සේනා මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති සම්මන්ත්‍රණයක් සඳහා සහභාගී වූ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික (වැඩබලන) හා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත යුද්ධ හමුදා කඳවුරු ආශ්‍රිත වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය. පසුව, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ගේ සුරතින් සංචාරයේ නිරත ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපළ වෙත සමරු තිළිණ ප්‍රදානය කරනු ලැබීය.

සංචාරය සමාප්තියේ, එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහන් තැබීය.

මෙම අවස්ථාව සඳහා 51 හා 55 පාබල සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භඨකාර්ය සම්පාදන ආඥාපති, 52 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.