Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th April 2024 16:57:53 Hours

24 පාබල සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් රාජකාරි අරඹයි

24 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 2024 අප්‍රේල් 25 වන දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.

සේනාංක පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. අනතුරුව, එතුමන් විසින් සමූහ ඡායාරූප කිහිපයකට පෙනීසිටීමෙන් පසුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. සේනාංකාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ වෘත්තීමයභාවය, අවංකභාවය සහ රාජකාරීන් නිසි අයුරින් සිදුකිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ අතර, අනතුරුව එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී විය.

අනතුරුව, එතුමන් දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ නිරීක්‍ෂණ චාරිකාවකටද එක් විය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.