Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th April 2024 14:48:17 Hours

නාරාහේන්පිට, යුද්ධ හමුදා රෝහල වෙතින් ‘බෝනොවන’ රෝග පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ රෙජිමේන්තු මූලස්ථානයේ කාන්තා භටපිරිස් සඳහා බෝනොවන රෝග පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් නාරාහේන්පිට, යුද්ධ හමුදා රෝහල මගින් 2024 අප්‍රේල් මස 24 දින පැවැත්වීය.

‘නිරෝගිමත් දැයක් නිරෝගිමත් හමුදාවක්’ වැඩසටහනේ විධායක සම්බන්ධීකරණ නිලධාරීනියගේ උපදෙස් මත මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වනු ලැබීය.

එහිදී වෛද්‍ය බ්‍රිගේඩියර් ඒ.එස්.එම් විජේවර්ධන යූඑස්පී එම්බීබීඑස් එම්ආර්සීපී (එක්සත් ජනපදය) එෆ්ආර්සීපී (එක්සත් ජනපදය), වෛද්‍ය බ්‍රවේ කර්නල් බී.එල් රණසිංහ කේඑස්පී සහ මේජර් ඒ.සී.කේ උඩුගම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීනියන් විසින් බෝනොවන රෝග, ආහාර හා පෝෂණය, පිළිකා හැඳින්වීම සහ වළක්වා ගැනීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ දේශයන් පැවැත්වූහ.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිනියන් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 75 දෙනෙකු සහභාගී වූහ.