Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th April 2024 16:54:23 Hours

22 පාබල සේනාංකය විසින් පාසල් උපකරණ සහ වියළි ආහාර සලාක ඇසුරුම් බෙදාදෙයි

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත 222 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.කේ.එස් තිලකරත්න ගේ මඟපෙන්වීම යටතේ 5( ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.බී වෑකඩපොල යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය මත චන්දන අලහකෝන් මහතාගේ සහ ප්‍රදීපා කපුගමගේ මහත්මියගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත කන්තලේ ප්‍රදේශයේ ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන පාසල් ළමුන් වෙනුවෙන් පාසල් උපකරණ සහ වියළි ආහාර සලාක ඇසුරුම් 25 ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 අප්‍රේල් මස 22 දින පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා 22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, 222 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, 5( ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දෙවන අණදෙන නිලධාරී, එම ඒකකයේ නිලධාරීන් සහ සෙසුනිලයින්, චන්දන අලහකෝන් මහතා සහ ප්‍රදීපා කපුගමගේ මහත්මිය, විදුහල්පතිතුමන් සහ කන්තලේ ප්‍රදේශයේ පාසල් සිසුසිසුවියන් සහභාගී වූහ.