26th April 2024 14:49:21 Hours
52 පාබල සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි රාජකාරියෙහි නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් ගේ සහභාගීත්වයෙන් එම සේනාංක මූලස්ථානයේ දී පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් මස 25) දින මනෝවිද්‍යාත්මක මෙහෙයුම් වැඩමුළුවක් පවත්වන ලදී.
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ ජනමාධ්‍ය සහ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ එම සේනාංකයේ භටපිරිස් විසින් මෙම වැඩමුළුව සංවිධානය කරන ලදී. මෙහිදී යුද ඉතිහාසය පිළිබඳව සහ භටපිරිස්හි චිත්ත ධෛර්යය ඉහළ නැංවීමේ හරවත් දේශණයන් සිදුකරනු ලැබීය.
වැඩමුළුවේදී රණවිරුවා සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ.එස්.චාමින්ද විසින් යුද සමයේ අත්දැකීම් සහ සත්‍ය සිදුවීම් පිළිබඳ මතකාවර්ජනය කරමින් ‘යුද සාහිත්‍යය තුලින් රණවිරු අභිප්‍රේරණය’ යන මැයෙන් දේශනයක් සහ භටපිරිස්හි චිත්ත ධෛර්යය ඉහළ නැංවීම සඳහා වෘත්තීය සෙබලෙකුගේ වැදගත් කාර්යභාරය අවධාරණය කරමින්, යුද්ධ හමුදා බුද්ධි බලකායේ මේජර් එම්.එච්.එම්.එස් බණ්ඩාර විසින් ‘අභිමානවත් සොල්දාදුවා’ යන මැයෙන් දේශනයක් පවත්වනු ලැබීය.
මෙම දේශනය සඳහා නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයින් 318දෙනෙකු සහභාගී වූහ.