Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th April 2024 18:01:30 Hours

ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මාසික මහසභා රැස්වීම සාර්ථකව පවත්වයි

ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මාසික මහසභා රැස්වීම යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරී නිවස්නයේදී අප්‍රේල් මස 18 දින පැවැත්විණි. එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දිලූපා පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මහසභා රැස්වීමේදී භටපිරිස්හි සුභසාධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලැබූ වැඩසටහන් පිළිබඳ සමාලෝචනයක් සහ ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි ව්‍යාපෘතීන් පිළිබඳ සැලසුම් සකස්කිරීම පිළිබඳව අවධානය යොමුකෙරිණි.

එහිදී, දිලූපා පීරිස් මහත්මිය සහභාගීවූවන් ආමන්ත්‍රණය කරමින් රණවිරු සුභසාධන වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. රැස්වීම සමාප්තියේදී ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සුභසාධන කටයුතු වෙනුවෙන් සෑම ගජබා රෙජිමේන්තු ඒකකයක් වෙතින්ම 1,000,000.00 ක සාමූහික මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකරන ලදී.