Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th April 2024 13:59:31 Hours

භකාස අණසක - නැගෙනහිර වෙතින් ‘Green - Rail Walk’ නමින් පාගමනක්

භකාස අණසක ආඥාපති - නැගෙනහිර බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එස්.එන් විජේකෝන් එන්ඩීසී ඒඒටීඕ ගේ මඟපෙන්වීම යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ වනජීවී නිලධාරීන්ගේ සහය ඇතිව එම මූලස්ථාන බළප්‍රදේශයට අයත් භඨකාර්ය සම්පාදක බලඇණිවල භටපිරිස් අතර සහයෝගය සහ සහෝදරත්වය වැඩිදියුණු කිරීමේ අරමුණු කරගනිමින් සියයක පමණ භටපිරිස් ප්‍රමාණයක සහභාගිත්වයෙන් 2024 අප්‍රේල් මස 21 දින ‘Green - Rail Walk’ නමින් පාගමනක් පැවැත් වූහ.

භට පිරිස් විසින් කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ ගල්ඔය හන්දියේ සිට හිඟුරක්ගොඩ දක්වා පා ගමනින් පැමිණ මින්නේරිය වැව ආසන්නයේ පැවති විනෝදාත්මක වැඩසටහනකින් එම පාගමන අවසන් වූහ.

භකාස අණසක - නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද මෙම පාගමනට එක් වූහ.