Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th April 2024 17:58:15 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් වෙනුවෙන් දර්පණ රහිත නිශ්චල කැමරා තාක්‍ෂණය සහ වීඩියෝ කැමරා තාක්‍ෂණය පිළිබඳ දෙදින වැඩමුළුවක්

‘Metropolitan Technologies’ සීමාසහිත පුද්ගලික සමාගම වෙතින් 2024 අප්‍රේල් මස 22 සහ 23 දෙදින තුළ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රයේදී දර්පණ රහිත නිශ්චල කැමරා තාක්‍ෂණය සහ වීඩියෝ කැමරා තාක්‍ෂණය පිළිබඳ දෙදින වැඩමුළුවක් පවත්වන ලදී.

දර්පණ රහිත කැමරා තාක්‍ෂණය සහ වීඩියෝ කැමරා තාක්‍ෂණය පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩමුළුව ක්‍රියාත්මක කෙරිණි. මෙම වැඩමුළුව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයන් 65 දෙනෙකු සහභාගී වූහ. නිශ්චල කැමරා තාක්‍ෂණය, වීඩියෝ කැමරා තාක්‍ෂණය, සජීවී විකාශය, එළිමහන් ඡායාරූපකරණය සහ අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදෙමින් මෙම වැඩමුළුව පැවැත්විණි.

උත්සවය සමාප්තියේ, වැඩමුළුව සඳහා සහභාගී වූ සියලු යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සහතිකපත් පිරිනැමීය. සමාප්ති උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ‘Metropolitan Technologies’ සීමාසහිත පුද්ගලික සමාගමේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.