Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th April 2024 17:55:08 Hours

විශ්‍රාම දිවියට පා තැබීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක

විශ්‍රාම දිවියට පා තැබීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී 2024 අප්‍රේල් මස 20 දින 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය.

ඒකක මූලස්ථානය වෙත සපැමිණි නියෝජ්‍ය සේනාවිධායකතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, එතුමන් රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළේය.

එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන්ගේ ආරාධනයකට අනුව මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී ඒකක මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රධාන දොරටුව විවෘත කිරීමෙන් පසුව භටපිරිස් ආමන්ත්‍රණය කළේය. ඒකක මූලස්ථානයෙන් නික්ම යාමට ප්‍රථම නියෝජ්‍ය සේනාවිධායකතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.