Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th April 2024 17:41:32 Hours

56 පාබල සේනාංකය වෙතින් සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සවයක්

56 පාබල සේනාංකය වෙතින් සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් 2024 අප්‍රේල් මස 20 දින වවුනියාව මහජන ක්‍රීඩාංගණයේදී සාම්ප්‍රදායික අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වූ අතර එම උත්සවය සඳහා ප්‍රදේශයේ වැසියන් විශාල පිරිසක් සහභාගී වූහ.

මෙම අලුත් අවුරුදු උත්සවය පා පැදි ධාවන තරඟ, මැරතන් ධාවනය, ‘අවුරුදු කුමරා සහ කුමරිය’ තේරීම, කඹ ඇදීම, කොට්ට පොර, කෝලම් රටා චිත්‍ර තරඟය, අලියට ඇස තැබීම, බනිස් කෑම, පොල් ගෑම, සංගීත පුටු තරඟය, හැන්ද මත දෙහි ගෙඩිය රැගෙනයාම ඇතුළු සාම්ප්‍රදායික ජනක්‍රීඩා රැසකින් සමන්විත විය.

උත්සවය සමාප්තියේ, එදින සන්ධ්‍යාවේ ‘Agnee’ සංගීත කණ්ඩායම ප්‍රමුඛ කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් සංගීත සංදර්ශනයක් ද පැවැත්විණි. ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම යටතේ මෙම උත්සවය සැලසුම් කර 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම අවස්ථාවට වවුනියාව දිස්ත්‍රික් ලේකම්, වවුනියාව නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.