Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd April 2024 21:56:12 Hours

නිවාස අවශ්‍යතා සහිත කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මූලිකත්වයෙන් නව නිවසක් ඉදිකෙරේ

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ මඟපෙන්වීම යටතේ මහියංගණය, ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2024 අප්‍රේල් මස 11 දින පැවති කෙටි උත්සවයකදී එම කොමිෂන් නොලත් නිලධාරියා වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.

මෙම නිවයේ ඉදිකිරීම් කටයුතු සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් රුපියල් 450,000/- ක මුල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය. ඒ සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම හා ශ්‍රම දායකත්වය ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සහ 3 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ලබාදුන්හ.

මෙම උත්සවයේදී, 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරී මේජර් එච්.එච්.එච්. ද සිල්වා ගේ සුරතින් නිවාසලාභියා වෙත සංකේතාත්මකව නව නිවසේ යතුරු ප්‍රදානය කරනු ලැබීය.

මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ නිවාසලාභී කොමිෂන් නොලත් නිලධාරියාගේ පවුලේ සාමාජිකයින් ද සහභාගී වූහ.