Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd April 2024 13:46:20 Hours

මාලි රාජ්‍යයේ ස්ථාපිත ශ්‍රී ලංකා ආරක්‍ෂක භට කණ්ඩයේ භටපිරිස් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරයි

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) ශ්‍රී ලංකා ආරක්‍ෂක භට කණ්ඩයේ අණදෙන නිලධාරි කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එන්.පී. වික්‍රමආරච්චි ගේ උපදෙස් මත එම භට කණ්ඩයේ භටපිරිස් විසින් 2024 අප්‍රේල් මස 13 දින ගාඕ සුපර් (Gao Super) කඳවුරු පරිශ්‍රයේදී සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වීය‍.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ආරක්‍ෂක භට කණ්ඩයේ අණදෙන නිලධාරි ප්‍රමුඛ ආරාධිතයින් කිහිපදෙනෙකු විසින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වූහ. මෙම අලුත් අවුරුදු සැමරුම් උත්සවය ග්‍රීස් ගසේ නැඟීම, කොට්ට පොර, කණාමුට්ටි බිඳීම, කඹ ඇදීම, අලියට ඇස තැබීම, සංගීත පුටු, බැලූන් නර්තනය ආදී සාම්ප්‍රදායික හා සංස්කෘතික අංගයන් සහ ක්‍රීඩාවන්ගෙන් සමන්විත විය.

අණදෙන නිලධාරිතුමන් මෙම අවස්ථාවේදී භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සතුට හා සෞභාග්‍ය සපිරි සිංහල හා දමිළ අලුත් අවුරුද්දක් වෙනුවෙන් සිය සුබපැතුම් එක්කළ අතර, උත්සවයේ සමාප්තිය දක්වා සියලුදෙනා ලබාදුන් දායකත්වය ඇගයීමට ලක්කළේය.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන්, මාලි රාජ්‍යයේ සන්නද්ධ හමුදා සාමාජිකයන් සහ ශ්‍රී ලංකා ආරක්‍ෂක භට කණ්ඩයේ සාමාජිකයන් ද සහභාගී වූහ.