Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd April 2024 18:32:55 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ 16 වන වාර්ෂික මහසභා රැස්වීම සාර්ථකව පැවැත්වේ

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ 16 වන වාර්ෂික මහසභා රැස්වීම 2024 මාර්තු මස 29 දින පනාගොඩ පිහිටි ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මහසභා රැස්වීම සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වමින් ආරම්භ කෙරිණි. මෙම අවස්ථාවේදී, ‘Forever Skin Natural’ හි කීර්තිමත් හිසකෙස් සහ රූපලාවන්‍ය පුහුණු උපදේශිකාවක වන රුවන්තිකා හුලංගමුව මහත්මියගේ මෙහෙයවීමෙන් පෞරුෂත්වය පිළිබඳ වටිනා දේශනයක් ද පැවැත්විණි.

මෙම අවස්ථාවේදී, දේශනයක් සිදුකරමින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ලේකම් බිමාලී පීරිස් මහත්මිය විසින් එම ශාඛාවේ සියළුම සාමාජිකාවන්ගේ සහභාගීත්වය සහ දායකත්වය වෙනුවෙන් සිය කෘතඥතාව පුදකළාය. විවිධ විනෝදාස්වාද වැඩසටහන් තුළින් මෙම රැස්වීමට සජීවී බවක් එක්කරනු ලැබීය.