Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd April 2024 13:48:15 Hours

අක්‍ෂි දුර්වලතා සහිත පුද්ගලයින්ට ඇස් කණ්නාඩි පරිත්‍යාග වැඩසටහනක්

10 ශ්‍රී ලංකා පාබල හමුදාව හා නැවත පදිංචි කිරීම හා පුනරුදයට සහයවීමේ සංගමය ඒකාබද්ධව පාලිනගර් සහ නද්දන්කන්ඩාල් ප්‍රදේශයේ අක්‍ෂි දුර්වලතා සහිත පුද්ගලයින් 223 දෙනෙකු වෙනුවෙන් ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් එම ඒකක මූලස්ථාන පරිශ්‍රයේදී 2024 අප්‍රේල් මස 17 දින ක්‍රියාත්මක කරනු ලැබීය.

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා අවශ්‍ය මූල්‍ය අනුග්‍රාහයකත්වය නැවත පදිංචි කිරීම හා පුනරුදයට සහයවීමේ සංගමයේ සහකාර ලේකම් ආචාර්ය සවේස්වරන් මහතා විසින් ලබාදෙනු ලැබීය. මෙම වැඩසටහනේ සංවිධාන කටයුතු 10 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිතුමන් විසින් සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ නැවත පදිංචි කිරීම හා පුනරුදයට සහයවීමේ සංගමයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ද සහභාගි වූහ.