Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th April 2024 17:17:24 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක තුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී පවුලේ සාමාජිකයන් සමඟින් 2024 අප්‍රේල් මස 19 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් යුද්ධ හමුදාව වෙනුවෙන් ඉටුකළ අනුපමේය සේවය මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය. මව්බිම ත්‍රස්තවාදයෙන් මුදවාගැනීම වෙනුවෙන් 2009 මැයි මාසයට ප්‍රථම ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුමේදී එතුමන් දැක්වූ සක්‍රීය දායකත්වය සහ අගනා කාර්යභාරය වෙනුවෙන් මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුදකළේය

මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී මෙම අවස්ථාවට ආරාධනය කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ස්තුතිය පුද කළ අතර, යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් ද සිය කෘතඥතාවය පුදකළේය.

එහිදී, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව රාජකාරියේ නිරතව සිටියදී එතුමන් වෙත පවුලේ සාමාජිකයන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පුදකරනු ලැබීය

සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.

විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ගේ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1989 අගෝස්තු මස 02 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙත බැඳුනු මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 11 සාර්ථකව අවසන් කර 1990 අප්‍රේල් මස 30 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2022 ජුනි 25 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන විට එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක ධූරය හෙබවීය. එතුමන්ගේ සේවා කාලය තුළ 5(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ ඛණ්ඩභාර නිලධාරී සහ නිලධාරි අණදෙන, 5(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ පසුමූල නිලධාරි අණදෙන, යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි 3 (පුහුණු), හා මාණ්ඩලික නිලධාරි 2 (බඳවා ගැනීම), 14(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ දෙවන අණදෙන නිලධාරී, 22 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී, 551 පාබල බලසේනාවේ සහ 61 පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, රණවිරු සම්පත් කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පුහුණු නිලධාරී, යුද්ධ හමුදා මූලස්ථානයේ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදේශන නිලධාරී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චිය ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 54 පාබල සේනාංකයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරි (ස්වේච්ඡා), යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ කර්නල් (පාලන) හා වැඩබලන බ්‍රිගේඩියර් (පාලන), ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් ජ්‍යෙෂ්ඨ කර්නල් සම්බන්ධීකරණ නිලධාරි (ස්වේච්ඡා) හා බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරි (ස්වේච්ඡා) සහ යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ පුහුණු පරීක්ෂක.

සටන් බිමේ දැක්වූ නිර්භීතකම වෙනුවෙන් එතුමන් ‘කාර්ක්‍ෂම සේවා පදක්කමෙන්’ පිදුම් ලබා ඇත.

එතුමන්ගේ හමුදා දිවිය තුළදී ඛණ්ඩභාර නිලධාරී පාඨමාලාව (අවි පුහුණු අදියර) ඛණ්ඩභාර නිලධාරී පාඨමාලාව (උපක්‍රමික අදියර), ඛණ්ඩභාර නිලධාරී පාඨමාලාව (දරාගැනීමේ අදියර), තරුණ නිලධාරි පාඨමාලාව, ඒකක ගිණුම් නිලධාරීන්ගේ පාඨමාලාව, ඒකක පරිපාලන නිලධාරීන්ගේ පාඨමාලාව, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් පාඨමාලාව සහ උසස් සිවිල් සම්බන්ධීකරණ පාඨමාලාව හා කනිෂ්ඨ අණ දෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

එතුමන් විසින් කම්කරු සබඳතා සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති - කොළඹ විශ්ව විද්‍යාලය කම්කරු සබඳතා සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව - කොළඹ විශ්වවිද්‍යාලය, පවුල් උපදේශනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා පදනම් ආයතනය කොළඹ, මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උසස් පාඨමාලාව - ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය කොළඹ, ඖෂධ උපදේශනය පිළිබඳ පාඨමාලාව - ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය කොළඹ, ආපදා කළමනාකරණය පිළිබඳ පාඨමාලාව - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය කොළඹ, පරිගණක යෙදුම් පිළිබඳ පාඨමාලාව - ජාතික තරුණ සේවා සභාව මහරගම යන පාඨමාලා රැසක් හදාරා ඇත