Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th April 2024 20:02:45 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාංගනය විවෘත කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාංගනය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සමඟින් එම බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී විසින් 2024 අප්‍රේල් මස 17 දින විවෘත කරන ලදී.

ක්‍රීඩාංගනයේ විවෘත කිරීම සංකේතවත් කරමින් සේනාවිධායක තුමන් එහි සමරු ඵලකය නිරාවරණය කරමින් ක්‍රීඩාංගනයේ ආරම්භයද එතුමන් විසින් සනිටුහන් කරන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ පහසුකම් දියුනු කිරීමේ අරමුනින් සාදන ලද ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාංගනය එම බලසේනා සාමාජිකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය වර්ධනය කිරිම වැනි ප්‍රතිලාභ රැසකින් සමන්විත වේ.

කොස්ගම ආරක්‍ෂක සේනා ඉංජිනේරුවරයාගේ සහ 10 (ස්වේච්ජා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ලබාදුන් සහයෝගීතාව හේතුවෙන් මෙම නවීන පහසුකම ඉදිකිරීමට හැකිවිය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගි වූහ.