Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th April 2024 19:54:14 Hours

11 පාබල සේනාංකය අලුත් අවුරුදු සමරයි

සිංහල හා දම්ල අලුත් අවුරුද්ද නිමිත්තෙන් 11 පාබල සේනාංකය රාජකාරියෙහි නියුතු නිලධාරීන්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 2024 අප්‍රේල් මස 18 දින 1 ශ්‍රී ලංකා රයිෆල් බළකා පරිශ්‍රයේදී අලුත් අවුරුදු උත්සවයක් පැවැත් වූහ

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී විය.

අලියාට ඇස තැබීම, දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන දිව්ම , බනිස් කෑම, බාධක දිවීම, පොල් අතු විවීම, කොට්ට පොරය, කනා මුටිට්ය බිදීම, කඹ ඇදීම, ඇතුළු සාම්ප්‍රදායික හා විනෝදාත්මක ජන ක්‍රීඩා රැසක් ඇතුළත් විය

උත්සවය අවසානයේදී, සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ක්‍රීඩා තරඟ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කරන ලදී.