Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th April 2024 17:50:18 Hours

24 පාබල සේනාංකය නායකත්ව පුහුණු වැඩසටහනක් පවත්වයි

24 පාබල සේනාංකය විසින් නායකත්ව පුහුණු වැඩසටහනක් අම්පාර ගෝනගල විද්‍යාලයේ සහ දීඝවාපිය සිංහල මහා විද්‍යාලයේ පාසල් දරු දැරියන් සඳහා අප්‍රේල් මස 09 වන දින පවත්වන ලදී.

මෙම වැඩසටහන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත පවත්වන ලදී. වැඩසටහන තුළින් පාසල් දරු දැරියන්ගේ නායකත්ව කුසලතා වර්ධනය තුලින් පුද්ගල සංවර්ධනය වැඩි දියුණු කිරීම මූලික අරමුණ වූ අතර, එහිදී සිසු දරු දැරියන් හට සන්නිවේදනය, කණ්ඩායම් වශයෙන් එක්ව කටයුතු කිරීම, නිවැරදි තීරණ ගැනීම සහ ගැටළු විසදීම පිළිබඳව ඉගෙනගැනීමට අවස්ථාව සලසා දෙන ලදී.

එම වැඩසටහනේදී ‘හේමාස්’ පුද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වය ඇතිව එම සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනික කටයුතු ඉහළ නැංවීම සඳහා පාසල් උපකරණ ඇසුරුම් 80 ක්ද බෙදා දෙන ලදී. මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, එම පාසල් වල විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් සහභාගී වූහ.