Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th April 2024 16:55:35 Hours

ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ රාජකාරියෙහි නියුතු සිවිල් සේවක මහතුන් වෙත වියළි ආහාර සලාක ඇසුරුම් බෙදා දෙයි

ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය මගින් පසුගිය බදාදා (අප්‍රේල් මස 10) දින එම පුහුණු ආයතනයෙහි රාජකාරියෙහි නියුතු සිවිල් සේවක මහතුන් වෙත රුපියල් 5000.00 වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක ඇසුරුම් බෙදා දෙන ලදී.

ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් සී.ඒ. රාජපක්‍ෂ ආ‍එස්පී ගේ උපදෙස් මත සිවිල් සේවක මහතුන් වෙත මෙම ප්‍රධානයන් සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.