Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th April 2024 16:51:46 Hours

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරයි

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් කොස්ගම, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ රාජකාරියෙහි නියුතු නිලධාරීන්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය අඟහරුවාදා (අප්‍රේල් මස 09) දින එම මූලස්ථාන පරිශ්‍රයේ දී අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වූහ.

උත්සව කටයුතු ආරම්භ කරමින් යුද්ධ හමුදා භඨකාර්ය අණසක සම්පාදක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීය.

මෙම අළුත් අවුරුදු උත්සවය සඳහා බනිස් කෑම, කොට්ට පොර, අලියාට ඇස තැබීම, කඹ ඇදීම, විවිධ ඇඳුම් තරඟය සහ තවත් සාම්ප්‍රදායික හා විනෝදජනක ක්‍රීඩා රාශියක් ඇතුලත් විය.

උත්සවය අවසානයේදී, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපතිතුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කරන ලදී.

අළුත් අවුරුදු උත්සවය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, ඔවුන්ගේ භාර්යාවන් සහ දරුවන් සහභාගී වූහ.