Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th April 2024 16:48:44 Hours

112 බලසේනාවේ භටපිරිස් රිදීපාන, වැඩිහිටි නිවාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා භෝජන සංග්‍රහයක් පිරිනමයි

112 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (අප්‍රේල් මස 13) දින, සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවයට සමගාමීව බදුල්ල, රිදීපාන, වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.

112 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඒ.ජේ හේමචන්ද්‍ර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 45 දෙනෙකු වෙත දිවා ආහාරය පිරිනැමීය.