Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th April 2024 17:25:00 Hours

ශ්‍රී ලංකා මෙතෝදිස්ත ප්‍රජාව විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ විශිෂ්ඨ සේවය ඇගයේ

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සිය ධූර කාලය තුළදී ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාව වෙත සිදුකරන ලද සුවිශේෂී දායකත්වය වෙනුවෙන් එම සභාව විසින් 2024 අප්‍රේල් මස 11 දින කල්මුණේ මෙතෝදිස්ත දේවස්ථානයේදී උපහාර පිරිනැමීමේ උත්සවයක් සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා මෙතෝදිස්ත පල්ලියේ අගරදගුරු ගරු එබනේසර් ජෝශප් පියතුමන්ගේ උපදෙස් මත මෙතෝදිස්ත ධර්ම සභාව විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.

උත්සවයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ලෙස මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සිය ධූර කාලය තුළදී ඉටු කරන ලද කාර්යභාරය ඇගයීමට ලක් කරනු ලැබීය. සුබපැතුම් දේශනය පැවැත්වූ අගරදගුරු තුමන් විසින් එහිදී එතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ලද ‘භාෂාව තුළින් සංහිඳියාව’ ව්‍යාපෘතිය ඇගයීමට ලක් කළේය.

මෙම ව්‍යාපෘතිය මගින් සිංහල සහ දමිළ සිසු දරු දැරියන් වෙත ඔවුනොවුන්ගේ භාෂාවන් සහ සංස්කෘතීන් පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට හැකි වූ අතර, විවිධ ජාතීන්ට හා විවිධ ආගම්වලට අයත් වුවද සියලු දෙනා එකම ජාතියක් ලෙස නැගී සිටිය යුතු බව යන එතුමන්ගේ සංකල්පය ද අගරදගුරුතුමා අගය කළේය. අනතුරුව එතුමන්ගේ මෙහෙවර අගයමින් සමරු තිළිණයක් ද පිරිනැමිණි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන්, ක්‍රිස්තියානු පූජකවරුන්, ක්‍රිස්තියානු බැතිමතුන් සහ ප්‍රදේශයේ සිවිල් ආරාධිතයන් ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.