Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th April 2024 17:18:35 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම, සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද සමරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත 2024 අප්‍රේල් මස 12 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම විසින් එම මූලස්ථාන පරිශ්‍රයේ දී සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද සමරනු ලැබීය.

සාම්ප්‍රදායික පෙල්තෙල් පහන දල්වා ආරම්භ කරනු ලැබූ මෙම අලුත් අවුරුදු ක්‍රීඩා තරඟ සඳහා ගම හරහා දිවීම, ලිස්සන ගහේ නැගීම, කොට්ට පොරය, කඹ ඇදීම, විවිධ ඇඳුම් තරඟය ආදී සම්ප්‍රදායික ක්‍රීඩා රැසකින් සමන්විත වූහ.

ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රදානය කරන ලද අතර, මෙම උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී වූහ.