Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th April 2024 17:28:04 Hours

12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, අභිමංසල - II හි රණවිරුවන් සමඟින් සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සමරයි

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී, පසුගිය බදාදා (අප්‍රේල් මස 10) දින කඹුරුපිටිය, ‘අභිමංසල - II’ සුවතා නිකේතනයෙහි නේවාසිකව ප්‍රථිකාර ගනු ලබන රණවිරුවන් සමඟින් සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සමරනු ලැබීය.

එහිදී, 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සමඟින් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එම සුවතා මධ්‍යස්ථානය වෙත ගොස් නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව, වීරෝධාර රණවිරුවන් 13 දෙනෙකු සහ උපස්ථායකයින් 11 දෙනෙකු වෙත විශේෂ ත්‍යාග පාර්සල් ප්‍රදානය කරන ලදී.

එතුමන් අනතුරුව, නේවාසිකව ප්‍රථිකාර ගනු ලබන රණවිරුවන් සඳහා විශේෂයෙන් සංවිධානය කරන ලද සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවය සඳහා ද සහභාගී විය.

12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ රැස්ව සිටි පිරිස තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී වෙමින් ඔවුන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කර ගත්හ. සුවතා නිකේතන පරිශ්‍රයෙන් පිටත්ව යාමට ප්‍රථම එතුමන් අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක්ද තැබීය.

මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ.