Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2024 16:52:03 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ‘අභිමංසල - 1’ සුවතා නිකේතනයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය බදාදා (අප්‍රේල් මස 10) දින අනුරාධපුර පිහිටි ‘අභිමංසල - 1’ සුවතා නිකේතනයේ සංචාරයක නිරත වෙමින් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් හමුවී සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් සිය සුබපැතුම් පිරිනැමීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එම සුවතා නිකේතනය වෙත පැමිණ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසා අලුත් අවුරුදු සුබපැතුම් එක්කරමින් ඔවුන් වෙනුවෙන් විශේෂ ත්‍යාග පාර්සල් පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය.

අනතුරුව, තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් එම රණවිරුවන් සමඟ සුහඳ පිළිසඳරක ද නිරතවිය. එම සුවතා නිකේතන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.