Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2024 16:31:49 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් සිවිල් සේවක මහත්ම මහත්මීන්ට වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් 36 දෙනෙකු වෙත රුපියල් 5000.00 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 2024 අප්‍රේල් මස 10 දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.