Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2024 16:43:54 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් අලුත් අවුරුදු සැමරුම් උත්සවයක්

2024 සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් 2024 අප්‍රේල් මස 10 දින යාපනය ප්‍රදේශයේ පිහිටි දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී සම්ප්‍රදායික අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වීය. ඒ සඳහා යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගී වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ආරාධනයකට අනුව මෙම අවුරුදු සැමරුම් උත්සවය සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික පූජකවරුන්, යාපනය ඉන්දීය කොන්සල් ජෙනරාල්, යාපනය ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ලේකම් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

පාපැදි ධාවන තරඟය, මැරතන් ධාවනය, අවුරුදු කුමරිය තේරීම, ග්‍රීස් ගසේ නැඟීම, කඹ ඇදීම, කොට්ටපොර, රබන් වැයීම, විකට ඇඳුම්, දමිළ කෝලම් මෝස්තර වැනි සාම්ප්‍රදායික තරඟ සහ තවත් විනෝදාත්මක ක්‍රීඩාවන් කිහිපයකින් මෙම උත්සවය වර්ණවත් කෙරිණි.

අවුරුදු උත්සවය සමාප්තියේ, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ තවත් ආරාධිතයින් කිහිපදෙනෙකු විසින් තරඟ ඉසව්වල ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය කරන ලදී. එදින සන්ධ්‍යාවේ, වර්ණවත් සංගීත සංදර්ශනයක් පැවති අතර ඒ සඳහා සහභාගී වූවන්ගේ විනෝදය වෙනුවෙන් මධ්‍යම රාත්‍රිය දක්වා එම සංගීත සංදර්ශනය පැවැත්විණි.

මෙම අවස්ථාවන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.