Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2024 16:34:43 Hours

15 ශ්‍රී ලංකා පාබල හමුදාව වෙතින් ඉෆ්තාර් උත්සවයක් පවත්වයි

15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් 2024 අප්‍රේල් මස 07 දින මොල්ලිපොතාන හමීඩියා ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී ඉෆ්තාර් උත්සවයක් පැවැත්වීය.

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එතුමන් සහභාගි විය. මේ සඳහා ප්‍රදේශයේ මුස්ලිම් පල්ලි කිහිපයක් ඒකාබද්ධව අනුග්‍රාහකත්වය දැක්වූහ.

මෙම අවස්ථාවට එම ප්‍රදේශයේ ආගමික නායකයින්, 15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිතුමන්, තඹලගමුව පොලිස් ස්ථානාධිපති සහ ඉස්ලාම් බැතිමතුන් පිරිසක් සහභාගී වූහ.