Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th April 2024 19:11:38 Hours

‘2024 ජාතික ඔරු පැදීමේ ශූරතාවලියෙහි’ සමස්ථ ශූරතාවය යුද්ධ හමුදා ඔරු පැදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට

‘2024 ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය’ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරු පැදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කරගනිමින් පිරිමි සහ කාන්තා කාණ්ඩයන් දෙකෙහිම සමස්ත ශූරතාවය දිනාගත්හ.

දියවන්නා වැව් පරිශ්‍රයේදී 2024 අප්‍රේල් මස 03 සිට 05 දින දක්වා පැවති මෙම තරඟාවලියේදී, යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 10 ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්වූහ. ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය විසින් දින තුනක් පුරාවට පැවැත්වූ මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදාවන්, ක්‍රීඩා සමාජ, විශ්වවිද්‍යාල සහ පාසල් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වූහ.

තරඟාවලියේ අවසන් මහා තරඟය නැරඹීම සඳහා 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යුද්ධ හමුදා ඔරුපැදීමේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.

යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟාවලියේදී කාණ්ඩ 10 ක් තුලින් රන් පදක්කම් දිනාගැනීම තරඟාවලියේ විශේෂත්වයකි.

තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හිමිකරගත් ස්ථානයන් පහතින් දැක්වේ:

පිරිමි විවෘත කාණ්ඩය

පිරිමි විවෘත Single Scull ඉසව්ව -ප්‍රථම ස්ථානය

පිරිමි විවෘත Double Scull ඉසව්ව - ප්‍රථම ස්ථානය

පිරිමි විවෘත යුගල ඉසව්ව - ප්‍රථම සහ තෙවන ස්ථානය

පිරිමි විවෘත Quadruple Scull ඉසව්ව - ප්‍රථම ස්ථානය

අන්තර් පිරිමි ඉසව්ව

අන්තර් පිරිමි යුගල ඉසව්ව - දෙවන ස්ථානය

අන්තර් පිරිමි Coxless Four ඉසව්ව - දෙවන ස්ථානය

අන්තර් පිරිමි Quadruple Scull ඉසව්ව - ප්‍රථම ස්ථානය

විවෘත කාන්තා ඉසව්ව

විවෘත කාන්තා Single Scull ඉසව්ව - ප්‍රථම ස්ථානය

විවෘත කාන්තා Double Scull ඉසව්ව - ප්‍රථම ස්ථානය

විවෘත කාන්තා යුගල ඉසව්ව - දෙවන ස්ථානය

විවෘත කාන්තා Quadruple Scull ඉසව්ව - ප්‍රථම ස්ථානය

අන්තර් කාන්තා ඉසව්ව

අන්තර් කාන්තා Double Scull ඉසව්ව - ප්‍රථම ස්ථානය

අන්තර් කාන්තා යුගල ඉසව්ව - ප්‍රථම ස්ථානය

සමස්ථ ශුරතාවය - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

විවෘත පිරිමි සමස්ථ ශූරතාවය

විවෘත කාන්තා සමස්ථ ශූරතාවය

විවෘත අන්තර් කාන්තා ශූරතාවලිය