11th April 2024 19:14:03 Hours
561 පාබල බලසේනාව වෙතින් 2024 අප්‍රේල් මස 09 දින බහුවිධ ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 561 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත එම බලසේනාව වෙතින් කනගරායන්කුලම්හි පාසලක් වන පෙරියකුලම් රජයේ දමිළ මිශ්‍ර පාසල පිරිසිදු කිරීමේ වැඩසටහනක්, ජල මාර්ග අලුත්වැඩියාවක් සහ එම පාසලේ සිසු සිසුවියන් 30 දෙනෙකු වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමේ වැඩසටහනක් පැවැත්වීය.
කිළිනොච්චිය MAS ක්‍රීඩා වානවිලාහි නිලධාරීන්ගේ අනුග්‍රාහකත්වය මත සමාජ තිරසාර ශූරී සමිරි විජේරත්න මහත්මිය, මානව සම්පත් සහකාර කළමණාකාර ඩිල්ෂාන් වීරසිංහ මහතා, කණ්ඩායම් සාමාජිකයින් වන එම්. මුරලිදරන් මහතා සහ සිවමාලර් මහත්මියගේ සහභාගීත්වයෙන් පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ද මීට සමගාමිව පැවැත්විණි.
56 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්.වී. ප්‍රනාන්දු යූඑස්පී එන්ඩීසි අයිජී ප්‍රමුඛ 561 පාබල බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.