Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th April 2024 15:07:19 Hours

නව ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයක් මුලතිව් ප්‍රදේශයේදී විවෘත කෙරේ

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් විසින් 2024 අප්‍රේල් මස 07 දින මුලතිව් ප්‍රදේශයේ ස්ථාපිත ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානය විවෘත කරන ලදී. මෙම නව පුහුණු මධ්‍යස්ථානය තුළින් ජාතියේ අනාගත නායකයින් හැඩගැස්වීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරමින් ශිෂ්‍යභටයින් දහස් ගණනකට පුහුණු අවස්ථාවන් සැලැස්වීමට කටයුතු කරනු ලබයි. දැනට ශිෂ්‍යභටයින් පුහුණු කිරීමේ කටයුතු රන්ටැඹේ ප්‍රදේශයේ ස්ථාපිත ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානය තුළ සිදුකරනු ලබන අතර තරුණ ශිෂ්‍ය භටයින් වගකිවයුතු සහ දක්‍ෂ නායකයින් බවට පත් කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් මෙමඟින් ඉටුකෙරේ.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පැට්‍රික් ඩිරාජන් මහතා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.