11th April 2024 14:45:11 Hours
‘දෙවන පොල් ත්‍රිකෝණය උතුරට’ සංකල්පයට සමගාමීව 17 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් එච්.එම්.ජේ. ප්‍රේමතිලක ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් 2024 අප්‍රේල් මස 08 දින පොල් පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. දේශීය පරිසරය නංවාලීමේ තිරසාර ප්රයත්නයක් වශයෙන් වීරබාහු ඥානප්‍රකාශ් මහතාට අයත් අක්කර 2 ක ඉඩමක් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ එම ඉඩමේ හිමිකරු ද සහභාගි වූහ.