05th April 2024 16:08:25 Hours
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් සන්නිවේදන කොට්ඨාශයේ සේවයේ නියතු පොලිස් නිලධාරීන් 18 දෙනෙකු සඳහා පැවැත්වූ උසස් සන්නිවේදන තාක්ෂණ පාඨමාලා අංක - 3, 2024 අප්‍රේල් මස 04 දින සාර්ථකව අවසන් විය. යුද්ධ හමුදා මූලස්ථානයේ මඟපෙන්වීම සහ ප්‍රධාන සංඥා නිලධාරිගේ අධීක්ෂණය මත පැවැත්වූ මෙම පාඨමාලාව නවීන සන්නිවේදන තාක්ෂණයන් පිළිබඳ නිලධාරීන්ගේ කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් පැවැත්විණි.
මෙහිදී, පාඨමාලාව සාර්ථකව අවසන්කළ පොලිස් නිලධාරීන් සඳහා සහතිකපත් ප්රදානය කළ අතර එම අවස්ථාවට පොලිස් සන්නිවේදන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සහකාර පොලිස් අධිකාරීවරයා සහභාගී වූහ.