05th April 2024 14:32:12 Hours
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් සංවිධානය කරන ලද අන්තර් ඒකක පැසිපන්දු තරඟාවලිය 2024, රොක් හවුස් පැසිපන්දු පිටියේදී පසුගිය බදාදා (මාර්තු මස 27) දින පැවැත්වූ අතර, එහිදී 4 සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම පරාජය කරමින් 5 සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම ජයග්‍රහණය හිමිකර ගන්නා ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
මෙම තරඟාවලිය කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් පසුගිය අඟහරුවාදා (මාර්තු මස 26) දින ආරම්භ වූ අතර, එහි අනුශුරතාවය 4 සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායමත් දෙවන අනුශූරතාවය 3 සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායමත් හිමිකර ගත්හ.
ත්‍යාග ප්රදානෝත්සවයේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත කබඩි ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර සහ ජාතික මට්ටමින් දක්ෂතා දැක්වූ ලාන්ස් කෝප්රල් ජේ.ඩී.ඩී.ජී. මධුසංක වෙත විශේෂ ඇගයීමක් වශයෙන් රු. 30,000.00 ක දිරිදීමනාවක් පිරිනමනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද එක්ව සිටියහ.