Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd April 2024 13:04:26 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් 'විකුම්පුර' ආදර්ශ ගම්මානයේ පදිංචිකරුවන් සඳහා වියළි සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය පසුගිය සිකුරාදා (මාර්තු මස 29) දින මුරුන්කන්හි ‘විකුම්පුර’ ආදර්ශ ගම්මානයේ සංචාරයක නිරත විය.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනි ‘විකුම්පුර’ ගම්මානයේ ආරම්භය ගැන සිහිපත් කරමින්, ගම්මානයේ පදිංචි පවුල් සමග අදහස් හුවමාරු කරගත් අතර, ඔවුන්ගේ පවුල් වල යහපැවැත්ම පිළිබඳව ද එහිදී අදහස් හුවමාරු කෙරිණි. මෙම පරිත්‍යාගයන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ අනුග්‍රහත්වයෙන් බෙදා දෙනු ලැබිය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, යුද සේවා ලේකම්, 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.