Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd April 2024 17:54:39 Hours

ගැමුණු හේවා බලකායේ 36 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

51 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ගැමුණු හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත එම බලකායේ 36 වන සංවත්සර දිනය නිමිත්තෙන් 2024 මාර්තු මස 19 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් කුරුවිට පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

සංවත්සර දිනයට සමගාමීව 2024 මාර්තු මස 16 සහ 17 දෙදින තුළ සබරගමුව මහා සමන් දේවාලය, හින්දු කෝවිල, ජුම්මා පල්ලිය සහ රත්නපුර කතෝලික දේවස්ථානයේදී බහුආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වූ අතර, 2024 මාර්තු මස 18 දින එල්ලේ තරඟාවලියක් ද පවත්වන ලදී.

සංවත්සර දිනයේදී, රෙජිමේන්තු පරිශ්‍රය වෙත සපැමිණි බලකාධිපතිතුමන් එම රෙජිමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමේන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ රෙජිමේන්තු සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනැමූහ. පසුව, එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරනු ලැබීය. සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වූ එතුමන් භටපිරිස් සමඟ සුහඳ අදහස් හුවමාරුවක ද නිරතවිය. රට වෙනුවෙන් දිවිපිදූ එම බලකායේ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් බලකාධිපතිතුමන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාරය දැක්වීය. එදින රාත්‍රියේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැරඩයිස් ශාලාවේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් ද පැවැත්විණි.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.