03rd April 2024 14:12:38 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාව මගින් කුරුණෑගල, සඳගල විශේෂ අවශ්‍යතා සහිත ළමුන් 107 දෙනෙකු සඳහා වටිනාකමකින් යුත් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් මත පසුගිය සිකුරාදා (මාර්තු මස 26) දින පවත්වන ලදී.
වැඩසටහනෙන් අනතුරුව දරු දැරියන්ගේ මානසික සුවතාවය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු තූර්ය වාදක කණ්ඩායම විසින් සංගීත වැඩසටහනක් ද පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා එම සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.