Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st April 2024 18:29:17 Hours

12 පාබල සේනාංකයේ භටපිරිස් කොන්ක්‍රීට් වලක වැටී සිටි අලි පැටවෙකු බේරා ගනී

හම්බන්තොට, මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසල කොන්ක්‍රීට් වලක වැටී සිරවී සිටි අලි පැටවෙකු බේරා ගැනීමට 12 පාබල සේනාංකයේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (මාර්තු මස 27) දින සමත් වූහ.

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ උපදෙස් මත භටපිරිස් විසින් මෙම මුදාගැනීමේ මෙහෙයුම සිදු කරන ලදී.

අලි පැටවාට සුළු තුවාල සිදුවී ඇති බැවින් ප්‍රදේශයේ වනජීවී කාර්යාලයෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබාදී ඇති අතර, පැටවාගේ මව අවට ප්‍රදේශයේ නොසිටීම හේතුවෙන් අලි පැටවා වනජීවී කාර්යාලයේ නියෝජිතයෙකු විසින් උඩවලව ඇත් අතුරු සෙවන වෙත ආරක්‍ෂිතව ප්‍රවාහනය කරනු ලැබීය.