Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st April 2024 19:18:43 Hours

59 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා තරඟාවලිය සාර්ථකව අවසන්

‘59 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා තරඟාවලිය’ 2024 මාර්තු මස 31 දින සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවති අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ඨ දක්‍ෂතා එළිදක්වමින් තරඟාවලිය අවසන් විය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සමඟින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී වූහ. උත්සව අවස්ථාව සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

සමාප්ති උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් පිළිගැනීමේ කතාව සිදුකළ යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපතිතුමන් නැවත වරක් රැස්ව සිටි පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙහිදී, යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීටර් 100 පිරිමි, මීටර් 100 කාන්තා, මීටර් 1500 පිරිමි, 4x400 පිරිමි සහ 4x400 කාන්තා ඇතුළු තරඟාවලියන්හි අවසන් ඉසව් රැසක සුවිශේෂී ක්‍රීඩා කුසලතාවයන් ප්‍රදර්ශනය කළහ. මීට අමතරව, තූර්ය වාදක සන්දර්ශණයන්, ශාරීරික පුහුණු උපදේශකයින්ගේ නිදර්ශණයන් සහ සරඹ සන්දර්ශණයන් ද පැවැත්විණි.

මෙම තරඟාවලියේදී, යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික වාර්තා දෙකක් සහ නව තරඟ වාර්තා 13 ක් පිහිටවනු ලැබීය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපති ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සුරතින් ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ කුසලාන පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ විශාල ප්‍රේක්‍ෂක පිරිසක් එක්ව සිටියහ.

තරඟාවලියේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ:

ජාතික වාර්තා

මීටර් 4x200 පිරිමි ඉසව්ව - තත්පර 1:22.93

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මාණ්ඩලික සැරයන් එස්.ඒ. දර්ශන

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බොම්බොඩියර් ජී.ඩී.කේ.කේ. පබසර නිකූ

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බොම්බොඩියර් පී.එම්.පී.එල්. කොඩිකාර

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බොඩියර් ඒ.එස්.එම්. සෆාන්

රිටි පැනීම ඉසව්ව පිරිමි - මීටර් 5.17

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කාර්මික සෙබල කේ.පුවිතරන්

නව තරඟ වාර්තා

මීටර් 100 පිරිමි (තත්පර 10.42)

මීටර් 200 පිරිමි (තත්පර 20.45)

මීටර් 400 පිරිමි (තත්පර 45.30)

මීටර් 3000 බාධක දිවීම පිරිමි (විනාඩි 8:56.74)

400x4 පිරිමි (මිනිත්තු 3:06.86)

මීටර් 400 කාන්තා (තත්පර 53.22)

මීටර් 10000 කාන්තා (මිනිත්තු 35:01.91)

මීටර් 4x100 කාන්තා (තත්පර 47.27)

මීටර් 4x800 සහය දිවීම කාන්තා (මිනිත්තු 9:20.70)

මීටර් 4x1500 සහය දිවීම කාන්තා (විනාඩි 19:33.19)

සත්ප්‍රයාම කාන්තා (ලකුණු 4426)

විශේෂ කුසලාන

සමස්ත ශූරතාව අන්තර් රෙජිමේන්තු අභියෝගතා කුසලානය (පිරිමි) – ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය (ලකුණු 277)

සමස්ත ශූරතාව අන්තර් රෙජිමේන්තු අභියෝගතා කුසලානය (කාන්තා) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය (ලකුණු 348)

විශිෂ්ඨතම දශූරතාවය සඳහා වන අන්තර් රෙජිමේන්තු අභියෝගතා කුසලානය (පිරිමි) - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මාණ්ඩලික සැරයන් එස්.ඒ. දර්ශන

විශිෂ්ඨතම දක්‍ෂතාවය සඳහා වන අන්තර් රෙජිමේන්තු අභියෝගතා කුසලානය (කාන්තා) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මාණ්ඩලික සැරයන් ආර්. නදීෂා

පිරිමි ඉසව්ව

පළමු ස්ථානය - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය - ලකුණු 277

දෙවන ස්ථානය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව - ලකුණු 251

තෙවන ස්ථානය – ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය - ලකුණු 130

සිව්වන ස්ථානය – ශ්‍රී ලංකා පාබල හමුදාව - ලකුණු 104

පස්වන ස්ථානය – ගැමුණු හේවා බලකාය – ලකුණු 85

හයවන ස්ථානය – විජයබාහු පාබල රෙජිමේන්තුව - ලකුණු 19

හත්වන ස්ථානය – ගජබා රෙජිමේන්තුව - ලකුණු 18 ය

අටවන ස්ථානය – ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව - ලකුණු 17

නමවන ස්ථානය – ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - ලකුණු 15

දසවන ස්ථානය – ශ්‍රී ලංකා සංඥා බලකාය - ලකුණු 10

එකලොස් වන ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය - ලකුණු 10

දොලොස් වන ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය - ලකුණු 4 යි

දහතුන් වන ස්ථානය - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය - ලකුණු 3 යි

කාන්තා ඉසව්ව

පළමු ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය - ලකුණු 348

දෙවන ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය - ලකුණු 174

තෙවන ස්ථානය - ශ්‍රී ලංකා සංඥා බලකාය - ලකුණු 162

සිව්වන ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය - ලකුණු 102

පස්වන ස්ථානය - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය - ලකුණු 6 යි