28th March 2024 13:51:08 Hours
61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකය යටතේ ස්ථාපිත ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සහ 2 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් ගාල්ල, පෝද්දල ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරනු ලැබීය.
නව නිවස විවෘත කිරීමේ උත්සවය 2024 මාර්තු මස 20 දින පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 61 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එල්.එස්. දයාවංශ සහභාගී විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් 61 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපතිතුමන් සහ බෝපේ, පෝද්දල ප්‍රාදේශීය ලේකම් එම පරිශ්‍රයේ පොල් පැළ දෙකක් රෝපණය කළහ.
මෙම අවස්ථාවට පෝද්දල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද එක්ව සිටියහ.